Tuesday, October 18, 2016

පුංචි ආරම්භයක් ..

ආයේ ඇදිලි පැදිලි ඕනේ නෑ.. දන්නවනේ සීන් එක,, කලින් බ්ලොගේ ලියන කාලේ ලිව්ව ඉස්කෝලේ කතා පුළුවන් තරම් නොලියා අලුත් කතා ලියන්න තමයි කල්පනාව.. මතක් වෙන මතක් වෙන විදිහට,,, 

හරි ඔන්න එහෙනම්,,,




ඔය මුණු පොතේ ටීන් බුක් එකක ස්නෑප්ස් වගයක් දාල තිබ්බේ දිනිදුගේ පොස්ට් එකට පිස්සුවෙන් වගේ කමෙන්ට් කරපු ෆ්රෙන්තෝ සෙට් එක එලටම ලයින් උනේ  10 වසරේදී, ඒ කියන්නේ 2003 අවුරුද්දේ.. මම වැරදි නම් නිවැරදි කරහල්ල... ඔය 10 දී එකට සෙට් උන ගොඩක් උන් කලින් අවුරුද්දේ ඒ කියන්නේ 9 වසරේදී 9-6 සහ 9-7 කියන පන්ති වල උන්න රීබට් සෙට් එකලු :) .. අපේ ඉස්කෝලේ 5 වසරෙන් ඉහල පන්ති ඒ බී සී ඩී ක්‍රමයට නැතුව 1- 2 - 3- 4 පිළිවෙලට තමයි තිබුනේ,,  අපේ ඉස්කෝලේ කිව්වේ බුදුහාමුදුරුවන්ගේ කාලේ මුල්ම ධර්ම දේශනාව වුනු ධම්මචක්ක පවත්තන සුත්‍රය දේශනා කල තැනට කියන නම ඉස්කෝලේ ඈ.. සයිබර් අවකාශේ ඉස්කෝල වල නම් කියන්න ගහන් එෆ් සී අයි දී කෙලව ගන්න ඕනේ නැනේ,, 

ඔන්න දැන් 9 වසරේ ඉදන් 10 වසරට යන්න තමයි හදන්නේ,, 10 වසර පටන් ගන්න මුල්ම දවස, දැන් මේක කියවන බොලාට ඔය දවස මතක් වෙන්න ඕනේ ඈ... 9 වසරේ උන්නු පන්ති පිළිවෙලට කස්ටිය පෝලිම් වෙලා ඉන්නවා ඈ,, හෝව් හෝව්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. කස්ටිය දිග කලිසම් ගහල නිකන් පුපේ ඇගිල්ල ගහන්  ඉන්නවා වගේ තමයි ඔය කියන දවසේ හිටියෙ,, එකක් දිග කලිසම තාම හුරු නැහැ.. මොන මගුලක්ද සුදු පාට නේ, නිල් කොට කලිසම එක්ක තිබ්බ දාන්ගලේ එක පාරට අඩුවෙනව කියල යයි.. කස්ටිය සුදු ඇදුමේ කුණු ගෑවෙයි කියල හෙන පරෙස්සමට තමයි මුල් මාස දෙක තුනේ ඉන්නේ.  ඒ අස්සේ කෙල්ලෝ එක්ක සෙට් වෙලා උන්නු එව්වෝ ඊට එහා,, හෙහෙ.. :) මාසයක් දෙකක් ගියාට පස්සේ නම් දිග කලිසම බලු ගානයි,,  ඔය අස්සේ නිල්  කලිසම් ඇදගෙන ආව ලොක්කලත් හිටිය,, ටේලර් බෝසා පොල්ල තියපු එව්වෝ.. 



දැන් කස්ටියම මේ පෝලිම් කරලා ඉන්නේ ලොරියට පටවන හරක් සෙට් එක වගේ 10 වසරේ පන්ති වලට දාන්න,,  සෙට් එක බඩ චුන් කර කර ඉන්නවා මොකාගේ පන්තියට  සෙට් වෙයිද කියල.. 10-1 ඉදල 10-7 දක්වා එක පෙලට පන්ති පේලියේ ඉස්සරහ කට්ටිය පෝලිම් වෙලා ඉන්නවා,, අපි හිටියේ අන්තිම කෙලවරේ ඒ කියන්නේ 10-7 කියන පන්තිය ඉස්සරහා,, කලින් ඉදලම දන්නවා වැටෙන්නේ ඔය පන්තියට කියල... හැබැයි පන්ති භාර ගුරුවරයා හෝ ගුරුවරිය කව්ද කියල දැනගෙන හිටියේ නෑ. මොකද ඔය පන්තිය භාරව උන්නු ගුරුවරයා වෙච්ච එම්බාම් සර්,, (සිරාවට නම මතක නෑ බන්.) අපි 9 වසරේ ඉන්නකොටම පෙන්ෂන් ගියා,,   ඒ නිසා කව්රු මේ පන්තියේ ගුරුවරයා විදිහට එවිදෝ කියන බයත් එක්ක ඇටි කෙහෙල් කෑව උගුඩුවො වගේ තමයි අපි බයෙන් බිරන්තට්ටුවෙලා හිටියේ,, 

අම්මට උඩු,, 

පුසා ව නයා කාපිය කියන්නහේ  මෙන්න එනවා උස සර්,, රේගිස්ටරෙකුත් උස්සන්,, උස සර් ව දන්නවා නේ .. තනි සුදු අදාල දුබුරු පාට බෙල්ට් එකක් දාල.. දඩ හීල් එකක් තියෙන සපත්තු දෙකක් දාල (උස හින්ද :) ) කන්නාඩි දෙකක් දාල.. රා  කලේ වගේ බඩක් තිබ්බ නැත්නම් අනිවා රැවටෙනවා ඉස්කෝලේ කොල්ලෙක් කියල,,  බොලා දැන් හිනා උනාට යකෝ උස සර් ඈතින් එනකොට සේක්ෂන් එකේ උන්ට පුපේ රෙවෙනවා බොල. උඩ පැනල කම්මුල මයි ටාගට් කරන්නේ කන කුඋං ගාන්න ,, උස සර් ට කොමි නමක් තිබ්බා. ඇක්ෂන් කොටා .. ඇක්ෂන් කොටා කිව්වම බුදුහාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායක රහතන් වහන්සේගේ නම තියෙන ඉස්කෝලේ බුවාලා හිටන් දන්නවා ලොක්ක ගැන,, කලින් අවුරුද්දේ 9-7 සහ 9-6 උන්නු උන්ගේ මුණු පුප් මුණු වුනා. මේ උත්තමයා තමයි ඔය පන්ති දෙකට 9 වසරේදී අන්තර්ජාතික භාෂාව ඉගැන්නුවේ,, රජ බුලට් එක,,. පෙර කරුමයක් දෝ කියල හිතන් 10-7 පන්තියට යන්න උරුම වෙච්චි අපිලට උස සර් පන්ති භාර සෙට් උනේ ඔන්න ඔහොම..

10-7 පන්තිභාර ගුරු  පී.ඒ.ඩී. 



එක්කෝ ඉතුරු ටික ඕනේ නෑ.. ආයේ ඔකේ කියන්න දෙයක් නෑ.. දන්නවා හැමෝම..උස සර් බැස්සම සෙක්ෂන් එකම ස්රන්ඩර් යකෝ,,. පොර ඉස්කෝලේ අවේ සුදු ටවුන් එස් එකක. වන්ඩිය ගේට්ටුවෙන් ඇතුලට ගන්නකොට කැන්ටිමේ ඉන්න උනුත් ඇටිටුඩ්ස් හදා ගන්නවා.. ඔන්න ඔහොමයි උස සර් ඉස්කෝලේ ඇක්ට් කල කැරැක්ටර් එක.. දිව්වත් ගැහුවා නැවතුනත් ගැහුවා,, අලුත් පන්තිය හොදයි,, නීති ගොඩායි.. සන්තෝසයි ඇ. දහසකුත් එකක් නීති අතරේ දෙක තුනක් මතකයි,,

1. නේම් බෝඩ් කියල කුනුහබ්බයක් තිබ්බ,, 

හැමෝම ඩෙස්ක් එක ඉස්සරහින් කාඩ් බෝඩ් එකක නම ලියල ඒක  ඉස්සරහට පෙන්න තියෙන්න ඕනේ.. එතකොට උස සර් ට නම මතක තියාගන්න ඕනේ නෑනේ,, ඔය නේම් බෝඩ් පුප ගෙන්න බැරි උනොත් නඩ්ඩ සෙට් වෙනවා. පෝරියල් පුප පැලෙන්න,, නේම් බෝඩ් සුත්ත නිසා 99% ක් 10-7 ප්‍රජාව අපහසුතාවයට පත් උනෑ.. ඉවර නෑ ඔතනින් තමයි උදේ පීරියඩ් එක අන්යුශුවල් වෙන්න පටන් ගත්තේ,, 

2. පන්ති නායකය ට අමතරව උප නායකයෝ 3ක්ද 6ක්ද හිටිය,,.\

හැමිනේෂන් කියල ඔය නායකයෝ ගැන්සිය ගුටිකෑව මගේ හිතේ,, පන්තිය අතුගාන හැතිකරේ පන්තිය හොරට අතු ගාවත් පන්ති නායකයෝ සම්බෝල , පහන තිබ්බේ නැත්නම් එත් පන්ති  නායකයෝ සම්බෝල. හා නැද්ද ප්‍රණාම.. කියහන්කෝ.. ප්‍රණාම තමයි පන්තියේ ප්රිෆෙක්ට්. මම දිනිදු මුදිත භාරත එතනින් ගියාම නිශාන්ත ඔන්න උපනායක ගැන්සිය,, පුපවල් රෙඩි කරන ඉන්න ඕනේ හැමදාම උදේට,, හේතුවක් ඇතුව හෝ  නැතුව සමහර විට එක පාරට සෙට් වෙන හේතුත් තිබ්බ.,. කොන්ඩේ ජෙල් සුට්ටක් එහෙම උලා ගෙන ඇවිල්ල මාස්ටු උනාම. (කෝ මේ ආසිරී...  ) තව උප නායකයෝ  එකෙක්ද දෙකෙක් ද හිටිය මතක නෑ මචන්ලා.. 


තව සීන් එකක් ලයින් උනා ඔය කාලේ,, අනේක හේතු කියා කියා ඉස්කෝලේ පරක්කු වෙලා එන පිරිසක් ඉන්නවනේ..අන්න උන්ගෙන් කප්පම් මුදලක් ගන්න සෙට් කළා උස සර්ම.. දවසකට රුපියල් 5ක් ද කොහෙද,, ඒ  දවස් වල රුපියල් 5ක් කියන්නේ බස් එකේම හෝල්ට් 6ක 7ක දුර යන්න පුළුවන්,, හිත ගනිල්ලාකෝ..  එක ගන්න සෙට් උනෙත් මටමයි.. උන්ගෙන් සල්ලි ඉල්ලන්න ගියාම උන්ගේ ශෝක කතා අහල උන්ට කියක් හරි දෙන්න හිතෙනවා.. ඒ තරමට පරක්කු වුනු හේතුව ශෝකජනකයි.

ඔතනින් පටන් අරන් ඉස්සරහට යන්..  හෙටත් එකක් ලියන්නම්..

ජය,,,






Monday, October 17, 2016

අලුතෙන් ම පටන් ගැන්ම....

වෙස්මුහුණ,,, අමුතු නමක් නෙවෙයි ලංකාවේ අපිට නම්... එකකට එකක් වෙනස් පුද්ගලයින් එක්ක අපි ගෙවන මේ ජීවිතේ එක එක පැතිකඩවල් පිළිබද පුංචි විවරණයක් දෙන්න කරන පොඩි උත්සාහයක්,,, යාලුවන්ගේ  රෙදි ගලවන්න හැදුවාය කියල කියන්නත් බැරි නැහැ ඉස්සරහට යනකොට,, කොහොම උනත් ආයේ බ්ලොගක් ලියන්න ඕනෙය කියල හිතුනේ නම් ඊයේ යාලුවෙක් කරපු පොඩි ඉල්ලීමක් නිසා.. දිනිදු අනුපම ද අල්විස්,,, ඔන්න ඉන්නවා ගෝතයා,,, https://www.facebook.com/dinindu.dealwis?fref=ts 
මුලින්ම උගෙන් පටන් ගන්න කියල තමයි හිතන් ඉන්නේ,,,, ඉතින් එහෙනම් හා හා පුරා කියල හෙට හම්බෙමු,,,

ජය,,,